නිසි සේ ගයන්න... රිසි සේ විදින්න...
CNC Karaoke
Who we are
ගී ගැයුමට ඇල්මක් මෙන්ම සහජ හැකියාවක් ඇති රසික පිරිස වෙත අපගේම ආරයකට අනුගතව නැවුම් සංගීත පසුබිමක් ගැයුමට පහසුවන ලෙස නිර්මාණය කරදීම සඳහා අප සැමවිටම ප්රමුකත්වයෙහිලා කටයුතු කරනු සේම, පළමු ගී නිර්මාණයේ සංගීත පසුබිම ගැයුමට හැකි සහ රුචි වන පරිදි කිසිදු උපුටගැනීමක් හෝ අනුකරණයකින් තොරව අප විසින්ම නිර්මාණය කොට අප ආදරණිය රසිකත්වය වෙත තිළිණ කරන බව ඉතා වගකීමෙන් සහ සතුටින් ඔබ වෙත ප්‍රකාශ කර සිටින අතර කැරෝකේ නිර්මාණ කරණයේදී පසුබිම් වීඩියෝ හෝ පද පෙළගැස්වීමට වඩා වැඩි ප්‍රමුකත්වයක් සංගීතය නිර්මාණය කිරීම සඳහා ලබාදී ඇති බවද කරුණාවෙන් සලකන්න.
මේ චැනල් එක මේ විදියට නිර්මාණය කරන්න හේතුව. මා පුද්ගලිකව ගායනය කිරීම ප්‍රිය කරන සේම ඕනෑම ගීතයක ඇති සංගීත භාණ්ඩ ආශ්රයෙන් නංවන සංගීත මුසුව රස විඳීමට පුරුදු වූ අයෙකි. සංගීත කණ්ඩායම් විසින් පසුබිම් සංගීතය ගීතයකට අවශ්‍ය ලෙස එක්කිරීමට මෙන්ම සංගීත නිර්මාණයක් නිවැරදිව සිදුකිරීමට දැරිය යුතු කැපවීම වෙහෙස සහ දරාගැනීම මෙන්ම වගකීම පිලිබදව කාලයක සිට මා අත්දැකීමෙන් ලද සරල අවබෝධය මෙම චැනලය නිර්මාණය වීමට හේතු සාධකයක් විය හැකිය. එසේම ඉතාම කැපවීමෙන් සහ වගකීමෙන් යුතුව කැරෝකේ නිර්මාණය කිරීම ජනප්‍රිය කරෝකේ නාලිකා කිහිපයක් තුලින් ඉතා සාර්ථකව නිර්මාණ ලබාදී ඇතිවා සේම, හඬ පමණක් ඉවත් කොට එයට වචන එක්කර හුදෙක් මුදල් ඉපයීම මත පමණක් පදනම්ව කරෝකේ නිර්මාණ කිරීම තුලින් ගීතයක් ගැයිමේදී සිදුවන අඩුපාඩුව පිලිබදව ද අත්දැකීමක් ලෙස ලබා තිබීම ද CNC Karaoke නිර්මාණය වීමට හේතු වන්නට ඇත.
අප හා මේ වනවිට එක්ව සිටින මෙන්ම ඉදිරියේදී අප හා එක්වන සෑම අපගේ රසිකයෙකු වෙතම කිසියම් වූ ප්‍රයෝජනවත් දෙයක් අප විසින් ලබාදීම අපගේ මුලික අරමුණ වන අතර මුල්‍ය වාසිය මත පමණක් පදනම්ව අප විසින් කිසිදු නිර්මාණයක් ඉදිරිපත් නොවන බවට මේ දක්වා ලබාදී ඇති නිර්මාණ මෙන්ම ඉදිරි නිර්මාණ තුලින් ද අප ආදරණිය රසිකත්වය වෙත සහතික කල හැකි කරුණකි. එසේම මේ දක්වා ඉදිරිපත් වූ රසික ඉල්ලීම් සඳහා හැකි උපරිම අයුරින් ප්‍රතිචාර ලබාදී ඇති සේම ඉදිරියට ද ඔබ සැමගේ ඉල්ලීම් වෙනුවෙන් කැපවී කටයුතු කිරීම සඳහා අප CNC Karaoke Team සුදානමින් සිටිමු. අප සතු වටිනාම සම්පත ආදරණිය ඔබ සැමගේ රසිකත්වය වේ.
